සජබ නාමයෝජනා ලැයිස්තුවෙන් පාන්දර 02ට ලක් අම්මාව දොට්ට දායි

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව ට තොරතුරු වාර්තා වනවා.

ඇය මහා මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.

ඒ වෙනුවට හේෂා විතානගේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

දමිතා අබේරත්න ඊයේ (10) දින තමන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ ය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බව මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණා.

මේ අතර, තම නම ලැයිස්තුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් දමිතා අබේරත්න ‘දසත ලංකා’ පුවත් අඩවියට කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඇය එහි දී සඳහන් කරන්නේ, තමාට විශාල අසාධාරණයක් සිදුව ඇති බවත්, ඊයේ අලුයම 2ට පමණ තම නම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පක්ෂය පියවර ගෙන ඇති බවයි.

ඒ සඳහා ලිඛිත දැනුම්දීමක් හෝ තමන් වෙත සිදු කර නොමැති බැව් ඇය සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ අසාධාරණය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගෙන් කරුණු වීමසීමට සුදානම් වන බවටයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *