ජනාධිපතිවරණයේ දී සජබ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහටත් ජයග්‍රහණය කළ නොහැකි බැවින් දෙපාර්ශවයම එකතු කිරීමේ අරමුණෙන් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය හා සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට පක්ෂ දෙකෙම ක්‍රියාකාරිකයින් පිරිසක් අතර සූදානමක් පවතින බව වාර්තා වෙනවා.
මෙම පිරිසේ අරමුණ වී ඇත්තේ සජිත් සහ රනිල්ට තනිව ජයගත නොහැකි තත්වයක් රට පුරා ගොඩනැගී ඇති නිසා එම පක්ෂ දෙකම එකට එක්ව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දිය යුතු බවට බල කිරීම බවයි කියන්නේ.