පළාත් ආණ්ඩුකාරවරුන් නවදෙනාට දී ඇති නිල වාහන හා ඉන්ධන සීමා කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙතෙක් එක් ආණ්ඩුකාරවරයකුට නිල වාහන තුනක් හා ඒ සඳහා මාසිකව ඉන්ධන ලීටර් 1800ක් වෙන්කර තිබිණි. ඒ අනුව දිනකට ඉන්ධන ලීටර් හැටක් හිමි විය. මෙම වරප්‍රසාදය චක්‍රලේඛයක් මගින් දී ඇති නිසා එය සංශෝධනය කරන තුරු නව රජයෙන් පත්කළ ආණ්ඩුකාරවරුන්ටද එම වරප්‍රසාදය හිමිවන්නේය.
රජයේ මැති ඇමැතිවරුන්ට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වාහන, ඉන්ධන ඇතුළු වරප්‍රසාද සීමා කිරීමට යෝජනා වී ඇති අයුරින් ආණ්ඩුකාරවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමට ද රජයේ අවධානය යොමුව තිබේ.