පාන් , බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න වෙළද අමාත්‍යාංශය සාකච්ඡාවක් කැදවයි

පාන් , බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි ලේකම් එම්.එම් නයිමුදීන් මහතා සඳහන් කළේ, එම සංගම් සමග මේ සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

මේ වනවිට වෙළෙඳපොළ තුළ බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල අඩු වීමත් සමග බේකරි නිෂ්පාදන අඩු මිලට ලබා දිය හැකි බව ඔහු පැවසුවේ ය.

ඒ අනුව එම සහනය ජනතාව වෙත ලබා දීම සඳහා කටයුතු කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *