ගෙවුණු දින දෙක තුළ දී විවිධ විෂමාචාර ක්රියාවන්ට සම්බන්ධ වූ පොලිස් නිළධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ වැඩ තහනම් කර තිබෙන බව වාර්තා වේ.
පිස්තෝලයක් පෙන්වා ආණමඩුව ප්රදේශයේ පවුලකට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, පොලිස් අපරාධ කොට්ඨාශයේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ආනමඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිකවැරටිය, කොබෙයිගනේ පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරු දෙදෙනෙක්, පොලිස් මාර්ග බාධයක දී සිවිල් වැසියන්ගෙන් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ වැඩ තහනම් කර තිබේ.
මේ අතර, වීරඹුගෙදර පොලිසියේ සේවය කරන සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
රිවෝල්වරයක් අතුරුදන් වීමේ සිද්ධියක් මත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව, පවුල් ආරවුලක් විසදීම සදහා කටයුතු කරමින් කාන්තා පොලිස් නිළධාරිනියක් සමග බහින්බස් වී, එම පවුලේ සැමියාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.