සීමාවන්ට යටත්ව කළුගල් අපනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
රට තුළ මේ වනවිට ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සදහා කළුගල් අවශ්‍යතාව සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම නිසා කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම්කරුවන් හා ඒ හා සම්බන්ධිත ප්රජාවන්ගේ ජිවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑමක් එල්ල වී තිබීම හේතුවෙන් මෙලෙස කළුගල් අපනයනයට තීරණය කළ බව රජය පවසයි.
මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීම මගින් විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙළක් කෙටිකාලීනව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව රජය නිවේදනය කළේ ය.
එසේ ම, පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, දැනට මාගම්පුර වරාය භුමියේ පරිපාලන ගොඩනැගිල්ල අසල හා හම්බන්තොට නව රෝහල් පරිශ්‍රයේ ගොඩ ගසා ඇති හම්බන්තොට මාගම්පුර වරාය ඉදි කිරීමේදී ඉවත් කරන ලද කළුගල් තොගයක්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ කඩිනමින් අපනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව රජය පවසන්නේ, කළුගල් මෙට්‍රික්ටොන් මිලියනයක් දක්වා අපනයනය කිරීමේ හැකියාව සහ යෝග්‍යතාව පිළිබද කරුණු අධ්‍යනය කර නිර්දේශ සහිත වතාවක් ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරිමටත්, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ යෝජනාවලියට අනුමැතිය ලබා දීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි.