මෙරට වාර්ෂික දරු උපත් ප්‍රමාණය ලක්ෂයකින් අඩු වෙයි

මෙරට වාර්ෂික නව දරු උපත් ප්‍රමාණය තුන් ලක්ෂ පනස් දහසේ සිට දෙලක්ෂ පනස් දහස දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

මේ බව අනාවරණය කර තිබෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා විසිනි.

මේ තත්ත්වය මත දරුවන් පන මෙන් රැක ගන්නා ලෙස වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

ඔටිසම් වැනි රෝගී තත්ත්වයන්ට අමතරව, පිළිකාව සහ දියවැඩියාව වැනි රෝගයන්ට ද දරුවන් වැඩියෙන් ගොදුරු වන තත්ත්වයක් දකින්නට ලැබෙන බව වෛද්‍යවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *