අනතුරු අවම කර ගැනීම සහ ජීවිත බේරා ගැනීමට ආරම්භ කළ පොලිස් මෙහෙයුම් සම්බන්ධයෙන් ජනතාව ප්‍රසාදය පළ කරනවා.
ඇතැම් පාර්ශව ඊට විරෝධය දැක්වුවද ඒ පිළිබඳව නොසලකා එම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලෙසයි ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ.
ඇතැමුන් චෝදනා කළද ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව ආරම්භ කළ මෙම මෙහෙයුම්වල සාර්ථකත්වය මේ වන විටත් සනාථ වන බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ රිය අනතුරුවලින් මියයන පිරිස සහ රිය අනතුරු ප්‍රමාණය මේ වන විටත් අවම වී ඇති බවයි.