වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව වෙනම තලයකට ඔසවා තැබීමට හැකියාව තිබෙන බවත් ඩිජිටල්කරණයට අදාළ මැදිහත් වීම මේ වන විට වත්මන් රජය ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (29) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි
වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබා දීමට ද මෙහිදී එකඟ විය.