මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ කොට්ඨාස අපරාධ විමර්ශන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , කුලී පදනම මත ලබා දුන් මෝටර් රථයක් උකස් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් පිළිබඳ පැමිණිල්ලක් විභාග කර දීම සහ එම මෝටර් රථයේ හිමිකරුට අධිකරණය මගින් එය ආපසු ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සදහා අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් ය.
සැකකරු රුපියල් 270,000ක් වටිනා වායු සමීකරණයක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.
එම මුදල වායු සමීකරණ වෙළෙඳසැලේ හිමිකරුගේ ගිණුමට බැර කර ගැනීමට කටයුතු කිරීමේදී ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.