ශ්‍ර්‍රි ලංකාවේ විදෙස් බැදුම්කරවලින් 28%ක් කපා හරියි – ගිවිසුම් අත්සන් තැබීම ළගදීම

ශ්‍රී ලංකාවේ විදේශ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවයකට පැමිණ තිබේ.

රොයිටර් පුවත් සේවයේ වාර්තා කරන්නේ ඩොලර් බිලියන 12.5ක වටිනාකමෙන් යුත් විදේශ බැදුම්කර එසේ ප‍්‍රතිව්‍යුහගතකරණය කෙරෙනු ඇති බවයි.

ඒ හරහා ශ්‍රී ලංකාව විසින් විදේශ බැඳුම්කර හිමියන්ට ගෙවීමට ඇති ණය ප්‍රමාණයෙන් 28%ක අඩුවීමක් සිදුවනු ඇති බවද වාර්තාව කියා සිටී.

විදෙස් බැදුම්කර ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ ප්‍රධාන කොන්දේසියක් ද වෙයි.

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා රජය සමඟ වසරක පමණ කාලයක් තිස්සේ සිදු කරන ලද සාකච්ඡාවලින් පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *