බිත්තර වල උපරිම සිල්ලර මිල රුපියල් 37ක් ලෙස පවත්වා ගැනීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සහ තොග වෙළදුන් එකඟතාව පලකල බව වෙළද අමාත්‍යාංශය පවසයි.
වෙළද අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්.නයමුදීන් මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව එම තීරණයට එළඹ තිබේ.
එම මිළ ඉක්මවා ඉදිරියේදී බිත්තර අලවි නොකිරීමට උපදෙස් ලබාදුන් බව ලේකම්වරයා පැවසීය.
මේ අතර විශේෂ ආහාර ප්‍රතිපත්ති කමිටුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ආහාර වල මිළ ගණන් ,ප්‍රමිතිය සහ සුරක්ෂිතතාව පිළිබඳ ඉදිරි තීරණ එම කමිටුව මගීන් ගැනීමට නියමිතයි.
එමෙන්ම ආනයනය කරනු ලබන සියලු ආහාර ද්‍රව්‍ය වල ඒ ඒ රටවල වර්තමාන මිල ගණන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ද මේ වනවිට අවසන් කර ඇතිබව ලේකම්වරයා පැවසීය.
ඊට අදාළව ආහාර මිළ ගණන් පාලනය කර මහ ජනතාවට සහන සැලසීමට කඩිනමින් කටයුතු කරන බව පැවසීය.
මේ අතර වටිනා කම අවප්‍රමාණය වූ මිළ ගණන් සඳහන් කරමින් මෙරටට ඇතැම් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා රේගු නිෂ්කාශනය සිදුවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
ඒ හේතුවෙන් රජයට සැලකිය යුතු ආදායමක් අහිමි වෙයි.
ඒ අනුව නියමිත වූ මිළ ගණන් සඳහන් කරමින් ආනයන කටයුතු සිදුකිරීමට අත්‍යාවශ්‍ය ආනයනකරුවන් සහ වෙළදුන්ගේ සංගමය එම සාකච්ඡාවේදි එකඟ වූ බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.