මෙම වර්ශයේ ගත වූ දින 25 ඇතුළත අධිවේගී මාර්ගවල සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව අධිවේගී කොට්ඨාස රථ වාහන පොලිසිය සඳහන් කරනවා.
මේ බව අනාවරණය වී ඇත්තේ ඊයේ (25) අලුයම රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා හදිසි අනතුරකින් මියයාමේ සිද්ධියත් සමඟයි.
මෙම සොරකම් වැළැක්වීමට නිලධාරීන් උත්සාහ ගත්තද දිගින් දිගටම සිදුවන මෙම ක්‍රියාව හේතුවෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මේ වන විට දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ හා පොලිස් කොස්තාපල්වරයාගේ ජීවිත අහිමිවීමේ අනතුර සඳහා හේතුව දැඩි අඳුරු ස්වභාවය ද යන්න පිළිබඳ සැකයක් පවතින බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසුවේ.