ශ්‍රි ලංකා ඉතිහාසයේ පළමුවරට ආබාධ සහිත පුද්ගලයෙක් පාර්ලිමේන්තුව අමතයි

ලබන අයවැයෙන් ආබාධිත ප්‍රජාවගේ  දීමනාව 7500 සිට 10000 දක්වා අනිවාර්යයෙන්ම වැඩි කරන බව පත් කළ මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා:-(ජාජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මේ මගේ මංගල කතාවයි.එමෙන්ම මෙය ඓතිහාසික කතාවක්.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වසර 76 කට පසු ආබාධ සහිත පුද්ගලයකුට පාර්ලිමේන්තු වරම් හිමිවෙනවා.මෙය අහඹු ලෙස හෝ ඉහළින් පාත් වූ දෙයක් අනුව ලැබුණු වරමක් නොවේ.ඒ සඳහා වෙහෙසුණු කණ්ඩායමක් ඉන්නවා.ලක්ෂ දාහතකට අධික මගේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඒ කණ්ඩායමට ස්තුති කරන්න අවශ්‍යයි.

එම ප්‍රජාවට තීන්දු තීරණ ගැනීම සඳහා නියෝජනයක් අවශ්‍ය බවට තේරුම් ගත්තේ ජාතික ජන බලවේගය පමණයි. ආබාධ සහිත පුද්ගලයා යනු මේ ලෝකයට ලස්සන කැන්දාගෙන ආ දූත පිරිසක්.විචිත්‍රත්වය නිර්මාණය වන්නේ විවිධත්වය මතයි. ඔබ අතර ඇස් නොපෙනෙන මම නිසා මෙතන විවිධත්වයක් ඇතිවී තිබෙනවා.මානව සමාජයේ විචිත්‍රත්වය නිර්මාණය වී ඇත්තේ ඒ විචිත්‍රත්වය නිසයි.

මේ ආබාධිත බව අප බලෙන් උරුම කරගත් දෙයක් නොවේ” යනුවෙන්ද සුගත් වසන්ත මහතා පැවසීය.

One thought on “ශ්‍රි ලංකා ඉතිහාසයේ පළමුවරට ආබාධ සහිත පුද්ගලයෙක් පාර්ලිමේන්තුව අමතයි

  1. ❤️❤️🙏👍
    ඒක නම් සුපිරී.

    ❤️

    ඒ වගේම ඔයාගෙ වෙබ් සයිට් එකේ තීම් එක ගත්ත තැනත් කියන්න පුලුවන් නම් වටිනව.
    ❤️❤️👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *