මෙරට තුළ සිටි මීගවයින් සංඛ්‍යාව ගෙවුණු වසර 45 ක කාලය තුළ තුන්ලක්ෂ තිස් අට දහස් දෙසීයකින් අඩු වී ඇතැයි, ජාතික විගණන කාර්යාලය නිකුත් කර තිබෙන වාර්තාවක් උපුටා දක්වමින්, මව්බිම පුවත්පත වාර්තා කර සිටියි.
1978 වසරේ දී මෙරට තුළ මී ගවයින් අට ලක්ෂ දා හතර දහස් දෙසීය දෙනෙකු සිට ඇත. එම සංඛ්‍යාව 2023 වසර වන විට හාර ලක්ෂ හැත්තෑ හය දහස දක්වා පහත වැටී ඇත.
රට තුළ සිටින මී ගවයින් සංඛ්‍යාව මෙසේ අඩු වීමක් පෙන්නුම් කළද, එළ ගවයින්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ඇති බව එකී විගණන වාර්තාවේ සදහන් වේ.
ඒ අනුව, 1978 වසර වන විට, පහළොස් ලක්ෂ හතලිස් එක් දහස් තුන්සියයක් වූ එළ ගවයන් සංඛ්‍යාව, 2023 වසර වන විට, දහසය ලක්ෂ දොළොස් දහස් හත්සිය දා හතර දක්වා වැඩි වී තිබේ.