රිලවුන් මර්දනය කරන මෙහෙයුම සාර්ථක බව කතරගම නිලමේ වනජීවී ඇමතිට කියයි

රිළා වඳුරු කරදරයට විසඳුමක් ලෙස කතරගම දේවාලය හා වනජීවී නිලධාරීන් එක්ව කළ වන සතුන් ඇල්ලීම ඉතාමත්ම සාර්ථකත්වයට පත්වූ බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර පවසනවා. එය නැවත ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට හැකි බැවින් එය ක්‍රියාත්මක කරන ලෙසයි වනජීවී අමාත්‍යවරයාගෙන් ඔහු ඉල්ලා සිටින්නේ.

2023 වසරේ දීද විශේෂ කූඩු සාදවා එය තුළට පළතුරු දමා වඳුරන් හා රිළවුන් දින 02ක් තුළ 1456 දෙනකු අල්ලා යාල වන උද්‍යානය වෙත මුදාහැරීමට භාර දුන් බවත්, එය ඉතා සාර්ථකව සිදුකළ බව බස්නායක නිලමේවරයා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *