වාර්ෂිකව එළිදක්වනු ලබන හෙන්ලි පාස්පෝට් ඉන්ඩෙක්ස් ගමන් බලපත්‍ර දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රය 95 වැනි ස්ථානයට පත්ව තිබේ. හෙන්ලි පාස්පෝට් ඉන්ඩෙක්ස් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන අධිකාරියේ දත්ත මත පදනම්ව වසර 19 ක් පුරා සිදුකෙරෙන එකම විදේශ ගමන් බලපත්‍ර දර්ශකය වේ. මෙම දර්ශකයට විවිධ ගමන් බලපත්‍ර 199 ක් සහ විවිධ සංචාරක ගමනාන්ත 227 ක් ඇතුළත්ය.
පූර්ව වීසා අවශ්‍යතා නොමැතිව ගමන් කළ හැකි ගමනාන්ත අනුව ලොව ගුවන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කර ඇති අතර ඒ අනුව එම දර්ශකයේ පළමු ස්ථානයේ පසුවන්නේ සිංගප්පූරුවය. එම ගමන් බලපත්‍රයෙන් ලොව ගමනාන්ත 195 කට වීසා රහිතව ගමන් කළ හැකිය. දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ජපානය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤයයි.
ඔස්ට්‍රියා, ඩෙන්මාර්ක්, ෆින්ලන්තය, අයර්ලන්තය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, දකුණු කොරියාව සහ ස්වීඩනය තෙවැනි ස්ථානයේ පසුවන අතර බෙල්ජියම, නවසීලන්තය, නොර්වේ, ස්විට්සර්ලන්තය සහ එංගලන්තය සිව්වැනි ස්ථානයේ පසුවේ. පස්වැනි ස්ථානයට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාව සහ පෘතුගාලයයි.
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය සඳහා වීසා රහිත ප්‍රවේශය හිමි රටවල් ගණන 44 කි. 2023 වසරේ හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පැවතියේ 100 වැනි ස්ථානයේ වන අතර මේ වසරේ අගයන් පහකින් ඉහළට පැමිණ තිබේ. මෙම දර්ශකයේ අවසන් ස්ථානය එනම් 105 වැනි ස්ථානය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථාන ගමන් බලපත්රයටය.
සිංගප්පූරුවට ප්‍රසාද ලකුණු 195 ක් හිමිවන අතර ඇෆ්ගනිස්ථානයට හිමිව ඇත්තේ ලකුණු 26 කි. ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 44 ක් හිමිව තිබේ.
Source – deshaya newspaper