කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන්ට උසස්වීම් සහ ත්‍යාග ලබාදීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ආ අවස්ථාවේ එම ස්ථානය වෙත ගොස් සිටියදී ය. මෙහිදී තවදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.
දීර්ඝ කාලයක් තිස්සේ අපරාධ කරමින් විදෙස්ගතව සිටි මේ පාතාල අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් සැලසුම් කළා. පොලිස්පතිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් කරපු මෙහෙයුමකින් පස්සේ මේ අපරාධකාරයො අල්ලගන්න ලැබුණා.
ඉන්දුනීසියාවේ දින ගණනක් තිස්සේ කරපු ක්‍රියාන්විතයකින් පස්සේ තමයි අපට හැකි වුණේ මේ පාතාල අපරාධකාරයන් අල්ල ගන්න.
මේ පාතාල අපරාධකාරයන්ගේ ක්‍රියාකාරකම් ගැන අපි මාස 10ක් තිස්සේ නිරීක්ෂණය කළා. ඔවුන් අල්ලන්න සැලසුම් යෙදුවා. දැන් ඒ සැලසුම් ක්‍රියාත්මක කරනවා.
ඉතිරි අපරාධකාරයොත් අල්ලන්න අපි කටයුතු කරනවා. මේ විමර්ශන කරන්න මෙතෙක් මහන්සිවෙලා කැපවීමෙන් කටයුතු කරපු නිලධාරීන්ට උසස්වීම් හා ත්‍යාග ලබාදෙන්න අවශ්‍ය ක්‍රමවේදය සකස් කරගෙන යන බවද ආනන්ද විජේපාල ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.