පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන විටදී දැක්කා කොටුව දුම්රිපොළ ළග ත්‍රීරෝද රථ රියදුරන්ගේ ඒකාධිකාරය නිසා මෙතනින් එළියට එන මගියෙක්ට තමන්ට කැමති පරිදි pickme සහ uber එකක් වෙන් කරගෙන ගමනක් යන්න බැරි බව.බහුතරයක් online ටැක්සි රියදුරන්ට පහරදිම් තිබුනා.ඒ නිසා මගීනුත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම වෙන් කරගත් හයර් එකක් ගන්න ස්ටේෂන් එකේ ඇතුලේ පාරට ඇවිත් මගියා එනකම් රැදී සිටින්න මෙම ස්ථානයේ ත්‍රීරෝද රථ ගාලේ අය ඉඩ දෙන්නේ නැති බව නිරීක්ෂණය වුනා. ඒ නිසා පසුගිය දවසක කොටුව දුම්රියපොළ අසල ටැක්සි කරන බහුතරයක් එක්ක සාකච්ඡා කලා.මෙතන ත්‍රීරෝද රථ 92 ක් තියෙනවා.බහුතර පිරිසක් වසර 25 ක ඉදන් මේ රැකියාව කරනවා.ඒ අය හදාගත්ත ටර්න් එකකට ධාවනය කරනවා.බොහොමයක් අයගේ මිටර් එක නැහැ.ගානක් කතා කරගෙන තමයි යන්නේ.මේ ගනන් වෙනස් වෙනවා .ඒ නිසා මිනිස්සු ගොඩක් කැමති නැහැ.මම ඔවුන්ට ඉතාමත් කාරුණිකව පහදා දුන්නා සමාජයේ තියෙන විරෝධය ගැන. සාධාරණ මුදලකට සුහද ශීලී සේවය සැපයීමේ අවශ්‍යතාව වැදගත් බව මතක් කලා.ඒ වගේම නැවත මෙවැනි ආකාරයේ බාධා කිරීම් සිදු කොලොත් ඊට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බව.ඔවුන් ඒ සම්බන්ධව එකගතාවයකට ආවා.කෙසේ නමුත් ඔබ මෙම ස්ථානයේ මෙවැනි කරදරකට ලක්වුවහොත් වහාම එම ස්ථානයේ ඇති පොලිස් මුරපොළ දැනුවත් කරන්න.ඒ වගේම පහල තියෙන අංක වලින් මා සහ කොටුව ස්ථානාධිපතිවරයා දැනුවත් කරන්න.
ස්ථානාධිපති කොටුව – 0718591560
සහකාර පොලිස් අධිකාරී – 0718591559