ප්රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ වාතාවරණයක් තිබෙන බවට බොරු ප්‍රචාරයක් සමාජය තුළ හුවමාරු වන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. එක්තරා ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් සහ සහයක දේශපාලනඥයින් දෙදෙනෙක් විසින් සිදු කරන ලද කතාවක් ඔස්සේ සමජගත කර ඇති බවත් ඇතැම් මාධ්‍යවේදීන්ද මෙවැනි ප්‍රචාර පතුරුවීමට මුල් වී ඇති බවත් ඔහු සඳහන් කරනවා. එවැනි ක්‍රියා සිදු නොවන බව පවසන හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පොලීසිය ඒ සඳහා මනා ලෙස සූදානම්ව ඇති බව කියා සිටිනවා. ඊට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුගේ සිට නිළයෙන් පහළම සිටින ආධුනික පොලිස් කොස්තාපල්වරු දක්වා ඡන්දය නිසි ආකාරව පැවැත්වීමේ වගකීම මැනවින් ඉටු කරනු ඇති බවත් ඔහු පවසනවා.
පොලීසිය එය උතුම් රාජකාරියක් ලෙස සලකන නිසා පොලීසිය ඡන්ද පෙට්ටිය සලකන්නේ පූජා භාණ්ඩයක් ලෙස බවයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවධාරණය කරන්නේ. ඒ නිසා කිසිදු අයථා සිදුවීමක් සඳහා පොලීසිය කටයුතු නොකරන බවත් ඡන්ද පෙට්ටි මාරු කළ හැකි බවට මිත්‍යා ප්‍රචාර පතුරුවන පිරිස් ප්‍රතිකාර ගත යුතු බවත් ඔහු මෙහිදී කියා සිටියා.