වරායේ බහාලුම් නිෂ්කාෂණය වේගයෙන් ඉහළට – තදබදයත් අඩු වෙයි


බහාලුම් රථ නිෂ්කාෂණ කටයුතු මේ වන විට වේගවත්ව සිදු වන බව බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ, වරායේ සහ රේගුවේ ඊයේ දිනය වන විට බහාලුම් රථ 1100 ක් සිරව තිබුණත් අද උදෑසන වන විට එය 600 දක්වා අඩුවී ඇති බවයි.

කෙසේ වෙතත්, සී.අයි.සී.ටී අංගනයේ ආනයනික භාණ්ඩ සහිත තවත් බහාලුම් 4000 ක් පමණ පවතින බව ද ඔහු සදහන් කළා.

ශ්‍රී ලංකා රේගුවට අයත් ඔරුගොඩවත්ත බහාලු‍ම් නිෂ්කාශන අංගනය ඉදිරිපිට පෙරදිනවලට සාපේක්ෂව දිගු පෝලිම් දක්නට ලැබුණේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *