ගංවතුරෙන් විනාශ වූ පාරවල් සහ පාලම් කඩිනමින් හදන්න පටන් ගනියි

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විනාශයට පත්වු සියළු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා අද (30) පැවසීය.

මාර්ග ප්‍රතිසංස්කරණය කරන ප්‍රදේශවල ජනතාව වාහන භාවිතා කරන්නන් හදිසි කටයුතුවලට හැර ගමනාගමන කටයුතුවලින් වලකින ලෙස ඉල්ලා සිටින බවත් එමගින් ඇතිවන අධික රථවාහන තදබදයන් වැලකී සිටින ලෙස දැනුම් දෙන බවත් කණ්ඩාම්මි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *