ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වසර (2024) මුල සිට ඉකුත් ඔක්තෝබර් 30 දින දක්වා මාස දහයක කාලයේදී සියයට 10.3කින් ශක්තිමත් වී ඇත.
ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවැති බවත් වසර (2024) තුළ වූ රුපියලේ මුළු ශක්තිමත්වීමට සාපේක්ෂව ඉකුත් ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස ශක්තිමත් වූ බවත් මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
මේ කාලයේදී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්ෂව සියයට 12.9කින් ද ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 8කින් ද චීන යුවාන් මුදලට සාපේක්ෂව සියයට 10.9කින් ද ජපන් යෙන් මුදලට සාපේක්ෂව සියයට 19.7කින් ද ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 15.1කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 11.5කින් ද වර්ධනය වී ඇති බවද එම වාර්තාවේ දැක්වේ.