කොටස් වෙළෙ­ඳ­පොළ මිල දර්ශ­ක­වල කැපී­පෙ­නෙන වර්ධ­න­යක් සිදු වෙයි

මිල දර්ශ­ක­වල කැපී­පෙ­නෙන වර්ධ­න­යක් අත් කර ගැනී­මට කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ ඊයේ (11) සමත්ව තිබේ.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ දින­යේදී ඉති­හා­සයේ ඉහ­ළම සන්ධි­ස්ථා­න­යක නැවත වරක් අලුත් කිරී­මට සමත්ව තිබේ.

පෙරේදා (10) වාර්තා වී තිබුණු ඒකක 13,774.96 සීමාව තවත් ඒකක 110.13කින් අබිබවා ගොස් තිබෙන බව ද ඒ අනුව ඊයේ දින ගනු­දෙනු අව­සා­න­යේදී සියලු කොටස් මිල දර්ශ­කය ඒකක 13,885.09ක් ලෙසින් මෙතෙක් ඉති­හා­සයේ ඉහ­ළම අගය සනි­ටු­හන් කිරී­මට සමත්ව තිබිණි.

මේ අතර S&P SL20 දර්ශ­කය ඒකක 29.87කින් ඉහළ ගොස් ඒකක 4,143.29ක් ලෙසින් දිනය අව­සා­න­යේදී වාර්තා විය. ඒ අනුව දෛනික ගනු­දෙනු අව­සා­න­යේදී රුපි­යල් බිලි­යන 6ක ගනු­දෙනු පිරි­වැ­ටු­මක් වාර්තා වීම ද විශේ­ෂ­ත්ව­යකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *