මේ වසරේ මාස 10ක සංචාරක ආදායම සියයට 59කින් ඉහළ යයි

මේ වසරේ (2024) පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ආදායම සියයට 59කින් වර්ධනය වී ඇත.

මේ අනුව ගිය වසරේ (2023) පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1593.4ක් වූ ආදායම මේ වසරේ පළමු මාස දහයේදී ඇමරිකානු ඩොලර් මිලියන 2533.7ක් දක්වා වර්ධනය වී ඇත.

මේ අතර සංචාරක පැමිණීම් ද මේ වසරේ පළමු මාස දහයේදී 1,620,715ක් දක්වා සියයට 44කින් වර්ධනය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *