දේශිය ටයර් මිල පහළට – ඇමති වසන්ත ටයර් නිෂ්පාදකයින් සමග සාකච්ඡා සාර්ථක වෙයි

දේශීය ටයර් නිශ්පාදකයා නඟා සිටුවීමටත්, පාරිභෝගිකයින් වෙත සහනදායී මිලකට, නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය ටයර් ලබා දීම අරමුණු කොට, දේශීය ටයර් නිශ්පාදකයින්ගේ සංගමය හා සාකච්ඡාවක් අද (31) දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වීය.

දේශීයව නිශ්පාදනය කරන්නා වූ ටයර් රට තුල තිබියදී රටේ ධනය ඩොලර් මිලයන ගණනක් වැය කොට ටයර් ආනයනය සිදු කිරීම තුලින් රට තුල ඇති ඩොලර් ප්‍රමාණයටද බලපෑමක් වී ඇති බවත්, එම ආනයනයන හේතුවෙන් ටයර් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රට තුල පවතින බවත්, මේ හේතුවෙන් ඉදිරියේදී ආනයන කරන ටයර් සඳහා යම් සීමාවන් පැනවීමට කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටි අතර, ඒ අනුව ඉදිරියේදී දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට මෙහිදී තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *