ශ්‍රි ලංකා හිටපු 19න් පහළ නායකයා වෙඩි තැබීමකින් මිය යයි

අම්බලන්ගොඩ, කන්දමාවත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව පොලීසිය පවසයි.

ඒ අනුව මියගොස් ඇත්තේ,  2002 වසරේ වයස අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂන නමැති හිටපු ක්‍රීඩකයායි.

1983 පෙබරවාරි 22 ගාල්ලේදී උපත ලැබූ ධම්මික මිය යනවිට වයස අවුරුදු 41කි.

19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ධම්මික  එවකට හඳුන්වනු ලැබුවේ ‘ජොන්ටි’ ලෙසයි

ඔහු ⁣හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ සිංහ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ද ක්‍රිකට් ක්‍රීඩා කර තිබේ.

දකුණත් පිතිකරුවෙක් ලෙස කටයුතු කළ ධම්මික මඳ වේග පන්දු යවන්නෙක් ලෙස ද ක්‍රීඩා කර තිබේ.

ඔහු පළමු පෙල තරග 12ක් ක්‍රීඩා කර තිබෙන අතර ලකුණු 269ක් ලබා ඇත.

ඔහු බිඳ දමා ඇති කඩුලු ගණන 19කි.

ධම්මික නිරෝෂනගේ ඝාතනය පිළිබඳ  පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *