2024 මුල් මාස 10 තුළ දී සංචාරක කර්මාන්තය හරහා එක්සත් ජනපද ඩොලර් මිලියන 2,533.7 ක ඉපැයීමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2023 වසරේ මුල් මාස 10 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 1,593.4 ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී මෙය 59% ක කැපීපෙනෙන වැඩිවීමකි.
2024 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 185.6 ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයත් සමඟම වසරේ මේ දක්වා සමස්ත සංචාරක ඉපැයීම් මෙලෙස ඩොලර් බිලියන 2 1/2 සීමාව ඉක්මවා ගොස් ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2024 වසරේ මුල් මාස 10 තුළ දී විදෙස් සංචාරකයින් මිලියන 1.62 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. යාවත්කාලීන වූ මෙම නවතම දත්ත වාර්තාවලට අනුව 2024 නොවැම්බර් 05 දින වන විට වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය මිලියන 1.65 සීමාව ඉක්මවා ගොස් තිබේ.