දේශීය වෙළදපොලේ එලවලු මිල මේ වන විට ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා.
එලවලු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සදහා පැමිණෙන වෙලෙන්දන්ගේ අඩුවක් පෙන්නුම් කරන බවයි ආර්ථීක මධ්‍යස්ථාන වෙළදුන් පවසන්නේ.
මේ දිනවල උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට්,ලීක්ස් සහ ගෝවා ආදී එලවලු වර්ග බොහොමයක මිල සටහන් වන්නේ, රුපියල් 50 ත් 100 ත් අතර මිලකයි.
කෙසේ වෙතත්,ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසා ජනතාවට අඩු මුදලකට එළවලු ලබා දීමට නොහැකි බවයි වෙළෙන්දන් පෙන්වා දෙන්නේ.