ගුවන්තොටුපලේ VFS වංචාව නිසා සංචාරකයින් පැමිණීමත් පහළට

ඔන්ලයින් වීසා ලබාගැනීමේදී අය කළ වීඑෆ්එස් ගාස්තුව හේතුවෙන් මහ බැංකු වංචාව මෙන් දස ගුණයකට අධික වංචාවක් සිදුව ඇතැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා (සජබ) පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) පැවසීය.

එබැවින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් කළ යුතු යැයි ද ඊට කථානායකවරයා මැදිහත් විය යුතු යැයි ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ද සාමාජිකයකු වන හකීම් මන්ත්‍රීවරයා කීය.

මෙම නව වීසා ගාස්තු අය කිරීමෙන් මෙරටට සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරේ අවසන් මාස කිහිපයකට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස තුනේ දී ඉතා විශාල වශයෙන් කඩා වැටී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ඊට අමතරව මෙම ගාස්තු අයකිරීමේ ක්‍රියාවලිය මෙරට මූල්‍ය විනය දැඩි වශයෙන් හානියට ලක් කර ඇතැයි ද රවුෆ් හකීම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *