පොහොට්ටු මන්ත්‍ර්‍රී අරුන්දික ප්‍ර්‍රනාන්දු අද සිට ස්වාධීන වෙයි

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශයක් සිදුකරමින් දැනුම් දුනි.

අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට එකට එක්ව කටයුතු ලෙසය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මෙලෙස පැවසීය,

“අද රාජ්‍ය නිලධාරීන් තැපැල් ඡන්දයට යනවා. ලක්ෂ 14ක් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම හෝදලා. රාජ්‍ය සේවකයින් ළඟ බොරුව පවුරවලා. මේ රටේ කැරලි දෙකක් නිසා 1971 සහ 1989 දී. විශේෂයෙන් 89 දී 60,000ක් තරුණයින් විනාශ වුණා. උතුරෙත් එහෙමයි. ආදරණීය උතුරේ තරුණ පිරිසක් එල්.ටීටී.ඊ එක එක්ක රට විනාශකාරී තැනකට අරන් යන්න යද්දි විශාල තරුණ සංහාරයක් වුණා. දැන් ඉලක්කය තරුණයින්. සමාජ මාධ්‍ය ජාලා හරහා මේ විදියට තරුණයින්ගේ මනස විනාශ කරන තැනකට මේක අරගෙන යනවා. අපි අද ඉඳලා අපි බලනවා මේකේ දිනන් බැරිනම් කථානායකතුමනි, දිනනවා ද ? පරදිනවා ද ? කියන ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි පැරදුනාට කියනවා නම් නැවත වතාවක් විනාශකාරී තැනකට ගේන්න අරගල කරන්න, පාර්ලිමේන්තු ගිනිතියන්න කතා කරනවා නම්, මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට එකතු වෙන්න පුළුවන් පරාජය කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා කියලා කියනවා. මම අත්දෙක එකතුකරලා ඉල්ලනවා, පුළුවන් නම් විපක්ෂනායකතුමාටයි ජනාධිපතිතුමාටයි එකතුවෙන්න. පුළුවන් නම් මේ කණ්ඩායම් දෙක එකතු කරන්න. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *