දකුණු පළාත් පාසල්වල ළමුන්ට කායික දඩුවම් දීම නතර කරන්න යයි

දකුණු පළාතේ පාසල් දඬුවමින් තොර කලාපයක් බවට පත් කිරීම පිළිබඳ අවධානය යොමුකර ඇති බව එම පළාතේ අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පවසනවා.

කායික දඬුවමින් තොර ප්‍රාථමික අධ්‍යාපනයක් පළාත තුළ සහතික කිරීම පිළිබඳව ද අවධානය යොමුකර ඇති බවයි ඔහු කියා සිටියේ.

තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාඡන පැළඳවීමේ උත්සවයට එක්වෙමින් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මෙම අදහස් පල කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *