ලංකාවේ පොලිස් ​පොත්වල සටහන්ව ඇති දරුණු අපරාධකරුවන් ගණන ලක්ෂ 06ක් බව අනාවරණය වෙයි

ශ්‍රී ලංකාවේ සිටින දරුණු අපරාධකරුවන් වශයෙන් පොලිස් පොතේ සටහන් වී සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ හයක් පමණ වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අනුව පොලිස් අපරාධ කොට්ඨාසයේ ඇති මෙම අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු ප්‍රමාණය ලක්ෂ හයක් වෙන බව එම අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

පොලිසිය කියන අන්දමට තරුණ වියේ සිට අවුරුදු 70ක් පමණ දක්වා වන දරුණු අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු මෙසේ ලේඛන ගත වී තිබේ.

මේ හැර සාමාන්‍ය අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු දස ලක්ෂයක් පමණ වසර ගණනාවක් තිස්සේ ලේඛන ගතවී ඇතැයි පොලිස් අපරාධ කොට්ඨාසය කියයි.

මෙම ඇඟිලි සලකුණු වාර්තා වන්නේ වසර ගණනාවක් තිස්සේය.

මේ අනුව තවත් වසර කීපයකින් මෙම ඇඟිලි සලකුණු ප්‍රමාණය වැඩිවීමට ඉඩ ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *