අපේ ක්‍රීඩකයෝ මත්පැන් බිව්වේ නෑ – ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කියයි

නිමා වූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයට පෙර දින රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මත්පැන් සාදයක් පැවැත් වූ බවට පළවන වාර්තාව සම්පූර්ණයෙන් සාවද්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් යොමුකරමින් පවසනවා.

එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, ජූලි 07වැනිදා සති අන්ත පුවත්පතක මෙම පුවත පළවූ බවත්, පසුව සමාජ මාධ්‍ය හරහාද සංසරණය වූ බවයි.

කෙසේ වෙතත් එම ලිපියේ අන්තර්ගතය තරයේ ප්‍රතික්ෂේප කරන ක්‍රිකට් ආයතනය, එවැනි සිදුවීම් කිසිවක් සිදුවී නොමැති බවද තහවුරු කර සිටියි.

එබැවින් එම පුවත් වාර්තාව ඇතුළුව පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය, ගොතන ලද සහ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *