මෙරට නිල විදේශ සංචිත වර්ධනය වීම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගෙමින් ඇති බවට පෙන්නුම් කරන සංඥාවක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.
ඉකුත් ඔක්තෝබර් මාසයේදී මෙරට නිල සංචිත වත්කම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණ කෙරුණා. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,994ක් ලෙස වාර්තා වූ මෙරට නිල සංචිත ප්‍රමාණය පසුගිය ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467ක් දක්වා වර්ධනය වී ඇති බවයි අදාළ වාර්තාවෙන් අනාවරණ කෙරුණේ.