2025 දී ඩොලර් බිලියන 7.8ක විදේශ ප්‍රේෂණ එයි – ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම එයයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ විදේශ ප්‍රේෂණ වැඩිපුරම ලැබූ වසර ලෙස 2025 වසර වාර්තා වන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා.

ඒ අනුව, 2025 වසර තුළ ඩොලර් බිලියන 7.8 ක ආදායමක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රටක් ලෙස කිසිදු අර්බුදයක් නොමැතිව, රට යථා තත්ත්වයෙන් පවත්වාගෙන යෑමේ මූලික හේතුවක් වන්නේ විදේශ ශ්‍රමිකයන් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *