ශ්‍ර්‍රි ලංකා පොලිසියට මාංචු,සපත්තු,අත් මේස්,බැනියම් හිගයක් එයි


රට පුරා පොලිස් ස්ථානවල අත් විලංගු, සපත්තු, මේස් සහ බැනියම්වල හිඟයක් පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මේ අතර බොහෝ පොලිස් ස්ථානවල මාංචු හෙවත් අත් විලංගු හිඟය පවතින බවයි වාර්තා වන්නේ.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ දැනට තිබෙන ඇතැම් අත් විලංගු අක්‍රිය තත්ත්වයේ පවතින බවයි.

එම මාංචු භාවිත කිරීම අවදානම් බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඒවා දමා තිබියදී මාංචු ගලවාගෙන පළායෑමට අවස්ථාව ඇති බවත් පැවසෙනවා.

මේ ආකාරයේ සිදුවීම් ඉකුත් සමයේ වාර්තා වී ඇති බව ද එම ආරංචි මාර්ග පවසනවා.

එවැනි අවස්ථාවකදී සැකකරු භාරව සිටින පොලිස් නිලධාරියාගේ හෝ නිලධාරීන් පිරිසගේ සේවය අත්හිටුවීමට ඉඩ තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එවැනි අවස්ථාවකදී සැකකරු භාරව සිටින පොලිස් නිලධාරියාගේ හෝ නිලධාරීන් පිරිසගේ සේවය අත්හිටුවීමට ඉඩ තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමේදී හිරු නිවුස් වෙත පැවසුවේ එවැන්නක් ගැන වාර්තාවක් නැතත් පොලිස් පරිපාලන අංශයෙන් විමසා ඒ බව තහවුරු කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *