වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (International Finance Corporation ) පවසයි.
ණය විනිවිදභාවය සහ ආයෝජන සබඳතා යන අංශයන් හි වේගවත් දියුණුවක් ශ්‍රී ලංකාව මේ වන විට පෙන්නුම් කරමින් සිටින බවත්, සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් පසුව ආයෝජන විශ්වාසය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි.
විනිවිදභාවය ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ සමස්ත ආයෝජක සබඳතා පිළිබඳ ලකුණු මට්ටම 2025 දී පැවති 37.33 සිට 2026 වන විට 43.67 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව, නැගී එන වෙළඳපොළවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57 ක් අතරින් ඉහළම කාණ්ඩයට (Top Tier) පිවිසීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.