මෙරට සාගර පත්ලේ ඇති අනගි ඛණිජ නිධියක කැනීම් කරන්න ඉන්දීය අදානි සමාගම සූදානම් වෙයි

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමටත්, මන්නාරමේ ආන්දෝලනාත්මක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියටත් සම්බන්ධව සිටින ඉන්දීය අදානී සමාගම, මෙරට සාගර පත්ලේ ඇති අනගි ඛණිජ නිධියක කැනීම් කටයුතු සදහා ද මැදිහත්වීමට සූදානමින් බව වාර්තා වී ඇතැයි, සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

පුවත්පත වාර්තා කරන ආකාරය, අදාල ඛණිජ නිධියේ කැනීම් කටයුතු සදහා අදානි සමාගම තවත් හවුල්කාර තායිවාන සමාගමක් සමගයි.

ලංකා සාගර පත්ලේ ඇති බවට විශ්වාස කරන ඛණිජ විශේෂය කොබෝල්ට් නමින් හදුන්වයි.

කොබෝල්ට් ලොව ඇති දුර්ලභ ඛණිජ විශේෂයකි.

නැවත ආරෝපණය කරන බැට්රි නිෂ්පාදනය සදහා කොබෝල්ට් යොදා ගන්නා බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *