ලංකාව පුංචි චිකාගෝව වෙයි – දින 10ට 8ක් වෙඩි තබා ඝාතනය කරයි

මේ මස 14 වැනි දින සිට අද (23දා)  දක්වා කාලය සැලකීමෙහිදී වෙඩි තැබීමේ සිද්ධිවලින් පුද්ගල මරණ 08ක් සිදුවී තිබෙන අතර, පුද්ගලයන් අතර ඇති වූ බහින් බස් වීම් නිසා ඝාතන 03ක් හා සැක කටයුතු ආකරයේ පුද්ගල මරණ 02ක්ද සිදුව තිබේ.

පසුගිය 15 වැනි දින කොළඹ රන්දිය මහල් නිවාස සංකීර්ණය අසලදී සිදු කළ වෙඩි තැබීමකින්  40 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබෙන අතර, 20 වැනි දින මාලිම්බඩ තෙලිජ්ජවිල ප්‍රදේශයේ ජංගම දුරකතන අලෙවි සැලක් අසල සිටි 24 හැවිරිදි අයෙකු වෙඩි වැදීම නිසා මිය ගොස් ඇත.

22 වැනි දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී ජිප් රථයකින් පැමිණි පිරිසක්  සිදුකළ වෙඩි තැබීමකින් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 05 දෙනෙක් මිය ගියහ.

අද (23දා) මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී කලපළුවාවේ ධම්මරතන හිමියන් වෙඩි වැදි බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු අපවත් වී තිබේ.

පසුගිය 14 වැනි දින බෝයවලාන,  දුන්දෙණිය ජනපදයෙදී තියුණු ආයුධයකින් පහරදීම නිසා පුද්ගලයකු මියගොස් තිබෙන අතර, එදිනම  හංවැල්ල ප්‍රදේශයෙහිදී පහරකෑමකට ලක් වූ පුද්ගලයකු මියගොස් ඇත.

21 වැනි දින  දෙහිඕවිට  ප්‍රදේශයෙහිදී  පොරොවකින් පහර දීම නිසා  42 හැවිරිදි පු ද්ගලයකු මියගොස් තිබේ. 19 වැනි දින වැල්ලම්පිටිය  ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.19  වැනි දින මාදම්පේ  ප්‍රදේශයෙදීද මල සිරුරක් හමු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *