ශ්‍රි ලංකා ටෙලිකොම් වසරේ මුල් කාර්තුවේ බිලියන 30ක ලාභයක් ලබයි – පසුගිය වසරට වඩා 53%ක දැවැන්ත වර්ධනයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ මෙම වසරේ මුල් කාර්තුවේ ආදායම රුපියල් බිලියන 30.8ක් බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති ඉංජිනේරු එරංග වීරරත්න මහතා ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ආදායම පසුගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව සියයට 10.6ක වර්ධනයක් බව මන්ත්‍රී රවි කරුණානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

එමෙන්ම ඉකුත් 2025 වර්ෂයේ ටෙලිකොම් සමූහයේ සමස්ත ආදායම රුපියල් මිලියන 114,176ක් බව ද නි. ඇමැතිවරයා කීය.

එමෙන්ම සමූහයේ බදු පසු ලාබය 2025දී රුපියල් මිලියන 10,014ක් බව ද මෙම වසරේ මුල් කාර්තුවේදී බදු පසු ලාබය රුපියල් බිලියන 3.10 බව ද කීය. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 53.3ක වර්ධනයක් බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *