ඉකුත් ඔක්තෝබර් මාසයේදී විදේශ සංචාරකයන් 135,907 දෙනකු මෙරටට පැමිණ ඇත.
ඒ සමගම මේ වසරේ (2024) මුල සිට ඔක්තෝබර් මාසය අවසන් වන විට මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයන් ප්‍රමාණය දහසය ලක්ෂය ඉක්මවා යමින් 1,620,715ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගිය වසරේ (2023) මෙරටට පැමිණ ඇති මුළු විදේශ සංචාරකයන් ප්‍රමාණය 1,487,303ක් විය.
ගිය වසරේ ඔක්තෝබර් මස මෙරටට පැමිණි 109,199ක් වූ විදේශ සංචාරකයන් ප්‍රමාණයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මස මෙරටට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය 135,907 දක්වා සියයට 24.95කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.