ඉදිරි වසර 30 තුළ ශ්‍රි ලංකාව කලාපයේ ආර්ථික ප්‍රමුඛස්ථානය වෙනවා – බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කියයි

රී ලංකාවේ පිහිටි BCAS විශ්ව විද්‍යාලය සහ එක්සත් රාජධානිය පිහිටි Goldsmith අධ්‍යාපන එකඟතා ගිවිසුමකට එළඹීම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතාගේ ගෞරවනීය සහභාගිත්වයෙන් සිදු කෙරුණා.

මෙම අවස්ථාවට දෙරටේ විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරුන් සහ කළමනාකාරීත්වය සහභාගීව සිටියා.

මෙම අවස්ථාවට එක්වෙමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ඉදිරි වසර තිහ තුළ කලාපයේ ආර්ථික වර්ධනයේ ප්‍රමුඛතම ස්ථානයක් ශ්‍රී ලංකාව හිමි කරගන්නා බවත් එය ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂිකයින් අවසා ඇති බවවයි.

එවැනි පසුබිමක් තුළ ගෝලීය අධ්‍යාපනය ශ්‍රී ලංකාවට වැදගත් බව පැවසූ ඒ මහතා මේ එළැඹි ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් හිමිවන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *