ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
එහි නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ තරුණ ව්‍යාපාරික නායකයෙක් වන සරත් ගනේගොඩය.
සරත් ගනේගොඩ සභාපතිත්වයට පත් කරන්නේ වර්ෂ 2019 දෙසැම්බර් මාසයේ සිට ජාතික ගුවන් සේවයේ සභාපති ලෙස කටයුතු කළ ව්‍යාපාරික නායක අශෝක් පතිරගේ වෙනුවටය.
සරත් ගනේගොඩ හේලීස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි. ඔහු 2007 ජූලි මාසයේදී හේලීස් ව්‍යාපාරයේ සමූහ කළමනාකරණ කමිටුවට සහ 2009 සැප්තැම්බර් මාසයේදී අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වී එම සමූහයේ විධායක අධ්‍යක්ෂ ධූරයට පත් වී සිටින තරුණ ව්‍යාපාර නායකයෙකි.
ඔහු ශ්‍රී ලංකා විධායක ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන අතර ඕස්ට්‍රේලියාවේ සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.