ශ‍්‍රී ලංකන් යානයක නියමුවන් දෙදෙනා ගුවනේදී ආරවුලක පැටලෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානයක ප්‍රධාන නියමුව හා සහායක නියමුවාගේ වැඩ තහනම් කර ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරන්නේ පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිට කටුනායක ගුවන්තොටුපල බලා පියාසර කල ගුවන් යානයක සහායක නියමුවා වැසිකිලියට ගොස් ආපසු පැමිණෙන විට ප්‍රධාන නියමුවා නියමු කුටියට පිවිසීමට දොර විවෘත නොකිරීම නිසා මෙම ගැටළුකාරී තත්වය ඇතිව ඇති බවයි.

නියමුවන් අතර ඇතිව තිබූ මතභේදයක් මත මෙම තත්ත්වය හටගෙන ඇත.

ගුවන් මගීන්ගේ සුරක්‍ෂිත භාවය ආරක්ෂා කිරීමටත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවන්හි සම්මුතීන් අනුගමනය කරමින් මෙම ගුවන් නියමුවන්ගේ සේවය අත්හිටුවා විමර්ශන ආරම්භ කර ඇතැයිද ගුවන් සේවය කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *