ශ්රී ලංකාවේ පැවැත්වෙන ප්රථම කෘත්රිම බුද්ධි (AI) සමුළුව එළඹෙන අගෝස්තු 29 වනදා ගාල්ල කරාපිටිය Forum By Brand Factory පරිශ්රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
“FROM VIBE CODER TO BUILDER” තේමාව යටතේ Southern Innovation Hub අනුග්රහය යටතේ පැවැත්වෙන මෙම ප්රායෝගික වැඩමුළුව, තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයන්ට පවා AI මෙවලම් භාවිත කරමින් තමන්ගේ ගැටලුවලට සැබෑ නිෂ්පාදන හා විසඳුම් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කරයි.
ක්ෂේත්රයේ ප්රවීණයන් වන කේසර බණ්ඩාරගොඩ(Fullstp, HireAn.ai), පුබුදු වනිගසේකර(Founder, EN2H) , ආචාර්ය චතුර ගමගේ(PhD in AI and games, Australian National University) සහ සිලෝෂන් බ්රැන්ඩේෂ් (ML Engineer, University of Moratuwa) යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් සජීවීව ප්රායෝගික පුහුණුව ලබාදීමට නියමිත අතර, AI තාක්ෂණයේ වර්ධනයත් සමඟ රැකියා අවදානම ජයගෙන නව අවස්ථා උදාකර ගන්නා ආකාරය පිළිබඳව ද මෙහිදී පුළුල්ව සාකච්ඡා කෙරේ.
වැඩමුළුව සදහා මෙතනින් Register වෙන්න – https://luma.com/xw0rtzva