හදිසි විදුලි මිලදී ගැනීම් අවසන් කිරීමට පියවර – දිවයින පුරා ග්‍රීඩ් උපපොළ 16කට බැටරි ගබඩා පද්ධති එයි

ශ්‍රී ලංකා විදුලි බල පද්ධතියේ ස්ථායීතාව සහ විශ්වාසනීයත්වය වෙනුවෙන් නවීන බැටරි බලශක්ති ගබඩා තාක්ෂණය (Battery Energy Storage Systems – BESS) මහා පරිමාණයෙන් හඳුන්වාදීමට රජය තීරණාත්මක පියවරක් ගෙන තිබේ. සූර්ය හා සුළං බලය ජාතික පද්ධතියට එක් කිරීමේදී ඇතිවන ස්වභාවික අස්ථාවරත්වය වළක්වා ගැනීමටත්, ඉහළ පිරිවැයක් සහිත ‘හදිසි විදුලි මිලදී ගැනීම්’ (Emergency Power Purchasing) මුළුමනින්ම අවම කරගැනීමටත් මෙමඟින් මඟ පෑදෙනු ඇත.

මේ වන විටත් දිවයින පුරා විසිරී පවතින උපායමාර්ගිකව වැදගත් ග්‍රීඩ් උපපොළ 16ක් ආශ්‍රිතව මෙගාවොට් පැය 160ක (එක් උපපොළක් සඳහා මෙගාවොට් 5 බැගින් වූ) බැටරි ගබඩා පද්ධති 16ක් ස්ථාපනය කිරීමේ මූලික ප්‍රසම්පාදන කටයුතු සාර්ථකව අවසන් කර, එහි ප්‍රායෝගික ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කර තිබේ. මීට අමතරව, පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් අතිරේකව මෙගාවොට් 250ක සහ මෙගාවොට් 50ක බැටරි බලශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා පසුගිය 2026 මාර්තු 30 දින අමාත්‍ය මණ්ඩල (කැබිනට්) අනුමැතිය ද නිල වශයෙන් හිමිව ඇත.

එසේම, දැනට පවතින සූර්ය බලාගාර සඳහා ද එකවර මෙගාවොට් පැය 200ක ධාරිතාවයකින් යුත් බැටරි ගබඩා පද්ධතියක් අලුතින් එක් කිරීම සඳහා ජාතික පද්ධති ක්‍රියාකරු (National System Operator) විසින් අවශ්‍ය සියලුම මූලික නීතිමය ලේඛන සකස් කරමින් පවතින බව ද අග්‍රාමාත්‍ය කාර්යාලයීය දත්ත වාර්තා සනාථ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *