මේ වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය තියුණු ලෙස ශක්තිමත් වී තිබේ.
පසුගිය වසරේ මුල් කාර්තුවේ අයවැය හිගය රුපියල් බිලියන 261.6 ක් වූ අතර, මේ වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 105 ක අතිරික්තයක් වාර්තා වී තිබේ.
මෝටර් රථ ආනයනයෙන් එකතු වී තිබෙන බදු ආදායම අයවැය අතිරික්තය කෙරෙහි බලපා ඇති බව වාර්තා වේ.
වසරේ මුල් මාස හතර තුළ වැඩිම ආදායමක් රජයට උපයා දී ඇත්තේ රේගුවයි.
සමස්ත රාජ්‍ය ආදායමෙන් 49% ක් රේගුවෙන් උපයා දී ඇති අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් උපයා දී ඇති පංග-ු-ව 44% කි. සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 97 ක් උපයා දී තිබේ