මව්කුසේ ඉද්දිත් මම යූඇන්පීය වෙනුවෙන් කැන්වසින් ගියා – උදය ගම්මන්පිල කියයි

නොවැම්බර් විසි එක් වන දා නුගේගොඩ පැවැත්වීමට නියමිත විරෝධතාවය පිළිබදව සාකච්ඡා කිරීම සදහා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පසුගිය දා මල් පාරේ පිහිටි, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයට ගොස් තිබුණි.

එහිදී රැස්ව සිටි එජාප පාක්ෂිකයන් අමතා කතා කළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, එජාපය තමන්ට නුහුරු නැති බව ප්‍රකාශ කර තිබේ.

රැස්ව සිටියවුන්ගේ අත්පොළසන් හඬ මැද ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, තමන් එජාපය වෙනුවෙන් කැන්වසින් ගියේ මවුකුසේ සිටිය දී බවයි.

තමන් මව්කුස සිටින අවදියේ, සිය මවගේ සහෝදරයා නාවලපිටිය එජාප සංවිධායකවරයාව සිටි බව ගම්මන්පිල හෙළි කර තිබේ.

මෙය වාර්තා කර තිබුනේ සන්ඩේ ටයිම්ස් පුවත්පතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *