දේශබන්දු තෙන්නකෝන්ට සහාය පළ කරමින් මාතර පොස්ටර් අලවයි

හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට සහාය පල කරමින් අද (25) උදෑසන වන විට මාතර නගරය පුරා පෝස්ටර් අලවා තිබිණි.

“නීතිඥයන්ට පාතාලයෙන් කෝටි ගණන් මුදල්.පාතාලය ජය ගනී,නීතිඥයින් පාතාලයේ කොන්ත්‍රාත්තුව ඉටු කරයි.අහිංසක අපට කාගේ පිහිටක්ද ? මාතර අපි ඔබ සමගයි” යන වැකි එම පෝස්ටර් වල සදහන් කර තිබුණි.

මීට අමතරව මාතර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය ඇතුළු සිවිල් සංවිධාන එක්ව පාතාලයට හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කල දේශබන්ධු තෙන්නකෝන් මහතා ආරක්ෂා කරන්නැයි ඉල්ලා පෙත්සමකට අත්සන් කිරීමට ද සැලසුම් කර තිබුණේය.

image c902c1e644 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *